විදුලි ගාස්තු මාස 03කට වතාවක් සංශෝධනයට අනුමැතිය

October 31, 2023 - 6:36 PM
නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේදී වර්ෂයකදී මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද (31) කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් කිරීම හේතුවෙන් එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලිබිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා පැවසූවා.

ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදායි.
(lknews.lk)