නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

January 17, 2024 - 2:12 PM
මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් තහවුරු කළා. 
 
ඒ අනුව පහත නව පත්කිරීම් 5 සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. 
 
  1. ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධන මහතා 
  2. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා 
  3. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍ර මහතා 
  4. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතා 
  5. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන් මහතා 
 
උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වුණා. 
 
මේ සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරල, උදය ගම්මන්පිල, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පිරිස සහභාගී වුණා.
(lknews.lk)