අප්‍රේල් 21 විනාඩි දෙකක් නිශ්ශබ්දවන්න

April 18, 2024 - 3:24 PM

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස වෙනුවෙන් අප්‍රේල් (21) වන ඉරිදා පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එම ප්‍රහාරයට වසර 5ක් සම්පූර්ණ වන අතර මිය ගිය පිරිසට පින් අනුමෝදන් සිදු කරන බවද අගරදගුරු පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය පිළිබඳව අවදානය යොමු කිරීම සඳහා ලබන ඉරිදා (21) අධ්‍යාත්මිකව හඬනැගීම් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව අප්‍රේල් (20) වනදා පස්වරුවේ සිට 21 වනදා අළුයම දක්වා කොළඹ කොච්චිකඩේ දේවස්ථාන සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ආගමික පෙරහැරක් පවත්වන බව සඳහන්.

මුළු රාත්‍රීයේම යාඥා කරමින් වීථි සංචාරය කර කටුවාපිටිය දේවස්ථානයට පෙරවරු 8.30 ට ළගාවීමට සැළසුම් කර ඇති බවත් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.