ඒ.ටී. ආරියරත්න මහතාගේ අවසන් කටයුතු අද

April 20, 2024 - 2:17 PM
සර්වෝද ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍ර්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන බව වාර්තා වනවා.

කොළඹ නිදහස් පරිශ්‍රයේදී සිදුකෙරෙන බවයි සඳහන්.

ඒ මහතා වෙනුවෙන් ආගමික වතාවත් මොරටුව සර්වෝදය මූලස්ථානයේදී අද (20) පෙරවරුවේ සිදු කෙරුණා.

එම මහතාගේ දේහ‍ය රැගත් රිය පෙරහැර අද පස්වරු 1.30ට මොරටුව සර්වෝදය මධ්‍යස්ථානයේ සිට ගාලු පාර ඔස්සේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගමන් කිරීමට නියමිතයි.

එම පරිශ්‍රයේදී පස්වරු 4.00ට දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙනවා.

(lknews.lk)