අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

January 14, 2025 - 3:41 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 372 මිලිග්‍රෑම් 100 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (13) රත්නපුර පොලිස් වසමේ කන්දඋඩ, ලෙල්ලෝපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කහවත්ත කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වූ ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.    

(lknews.lk)