අගෝස්තු මාසයේ අස්වැසුම දීමනා අද සිට

October 31, 2023 - 7:09 PM

අගෝස්තු මාසය සඳහා වන අස්වැසුම දීමනා ගෙවීම් අද (31) සිට සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ගැටලුවකින් තොරව පසුගිය ජූලි මාසයේ දීමනා ලැබූ ප්‍රතිලාභී පවුල් සඳහා අගෝස්තු මාසය සඳහා වන දීමනාව හිමිවන බවයි එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව පවුල් 1,365,000 සඳහා අගෝස්තු මාසයේ අස්වැසුම දීමනා හිමිවනු ඇති.
(lknews.lk)