බේකරි හා ආපනශාලා නිෂ්පාදන මිල අඩු කිරීමට අවධානය
November 08, 2024 - 11:45 AM
රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි හා ආපනශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇති බවයි.
රුපියල ශක්තිමත් වීමේ වාසිය සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවීමේ වාසිය ජනතාවට නිසි පරිදි ලබාදීමට බේකරි හා ආපනශාලා හිමිකරුවන් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් අධ්‍යනයක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා.
වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ මීට සමගාමීව බේකරි හිමියන්ගේ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමද සැලසුම් කර ඇති බවයි.
(lknews.lk)