ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය අවදානමක

March 08, 2024 - 5:38 PM
දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය යළිත් වරක් හානි වීමේ අවදානමකට ගොදුරු වෙමින් පවතින බව විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කොරල් පරය නොනැසී පැවතීමට නම් හදිසි දේශගුණික ක්‍රියාමාර්ග වලට එළඹීම අත්‍යාවශ්‍ය බව ඔවුන් පවසනවා.

එමෙන්ම මෙය හානියට පත් වූ 5 වන අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
(lknews.lk)