ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද

May 03, 2025 - 10:23 AM
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කර බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට සෘජුව බලපාන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇල්බනීස් නායකත්වය දෙන වාමාංශික කම්කරු පක්ෂය සහ පීටර් ඩටන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික ලිබරල් පක්ෂය අතර ඔස්ට්‍රේලියාවේ බලය බොහෝ කාලයක් තිස්සේ හුවමාරු වී තිබෙනවා.

එමෙන්ම වාමාංශික කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියාවේ බලයට පත් වුණේ 2022 වසරේ මැයි මාසයේදී.


(lknews.lk)