අවලෝකිතේශ්වරට මානසික ප්‍රතිකාර ලබාදිය යුතු බව අධිකරණයට දැනුම්දෙයි

January 24, 2024 - 5:15 PM
අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව සැකකරු බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)