බදුල්ල - කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා

July 19, 2024 - 11:30 AM
බදුල්ල - කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොළ සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්.

මේ වන විට ගස කපා ඉවත් කිරීමට කටයුතු සිදු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

(lknews)