බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

November 27, 2023 - 1:15 PM
රුපියල් බිලියන 2.26ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඊයේ (26) බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරුණා.

ඊට සමගාමිව බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීම ද සිදු වූ අතර, සෞඛ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙතෙක් පළාත් මහ රෝහලක්ව පැවති බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තව ද රෝහලේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩල ඇගයීමේ සම්මාන ද පිරි නමනු ලැබුවා.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉදි කිරීම් කටයුතු වසර දෙකක් ඇතුලත එනම් 2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතයි.
(lknews.lk)