බදුල්ලේ අඳුරු පැහැයෙන් යුත් දුමාරයක්

February 16, 2024 - 6:38 PM
බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව අදුරු පැහැයෙන් යුත් දුමාරයක් මේ දිනවල දැකිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

මෙම තත්වයෙන් සාමාන්‍ය සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකි බව බදුල්ල දිස්ත්‍රික්ක අපදාකළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර පැවසුවා.

ඒ හේතුවෙන් කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින් වඩා අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සඳහන් කළා.
(lknews.lk)