අන්තරේ කැඳවුම්කරුට ඇප
April 04, 2025 - 12:18 PM
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධය දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය ලබා දී ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය 27වනදා විරෝධතාවයක නිරත වූයේ.
එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25දෙනෙක් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැර තිබෙනවා.
(lknews.lk)