සබරගමුවේ සරසවි සිසුන්ට ඇප

November 10, 2023 - 6:42 PM
ඊයේ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විසි දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

සබරගමුව වෛද්‍ය පීඨයට මහාචාර්ය ගොඩනැගිල්ලක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

සිසුන් මරදානේ සිට විහාරමහාදේවි උද්‍යානයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා එය වැළැක්වූ අතර පසුව ජල ප්‍රහාර එල්ල කර විරෝධතාවය විසුරුවා හැරීමට උත්සහ කර තිබෙනවා.
(lknews.lk)