ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹෙයි
May 05, 2025 - 9:06 AM
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද(05) පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287දෙනෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, හෙට(06) උදෑසන 7ට ආරම්භ විමට නියමිතව තිබෙනවා.
එය අවසන් වන්නේ, පස්වරු 4ට වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13,759ක්.
ඒ සදහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75,589ක්.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට අදාළ තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකි අතර හෙට(06) පස්වරු 4 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ වෙනත් අයෙකුට අයත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ළඟ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(lknews.lk)