ඡන්ද පත්‍රිකා මුද්‍රණය අද සිට

August 18, 2024 - 2:20 PM
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (18) ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එහි උසස් නිලධාරියෙක් පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව ඡන්ද පත්‍රිකා  මුද්‍රණය කිරීමේ කටයුතු අද (18) සිට ආරම්භ කරන බවයි.

(lknews)