බංග්ලාදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

October 24, 2023 - 11:07 AM

නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මිය ගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරීහු පවසන්නේ.

ඩකා නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් දුරින් පිහිටි බහිරාබ්හි දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්වුණේ ඊයේ (23) පස්වරුවේදියි.

සංඥා දෝෂයක් ගැටුමට හේතු වන්නට ඇති බවයි මේ වනවිට විශ්වාසය පළ කරන්නේ.

අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව බංග්ලාදේශ බලධාරීන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)