පළමු එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

March 13, 2024 - 10:12 PM
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙන දැවී ලකුණු 255ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කළා.
(lknews.lk)