බැංකු ණය පොලියේ පහළ යෑමක්
September 26, 2023 - 3:37 PM
පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate - AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී අනුපාතිකය පැවතියේ 15.21% මට්ටමේ බව ද සඳහන්.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ වසරකට පෙර මෙම අනුපාතිකය 26.89% ක් තරම් ඉහළ මට්ටමකට ගොස් තිබූ බවයි.
ඒ අනුව මහජන බැංකුව - 14.36% ක්, හැටන් නැෂනල් බැංකුව - 14.87% ක්, කොමර්ෂල් බැංකුව - 14.06% ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - 14.96% ක් සහ අමානා බැංකුව - 14.46% ක් ලෙසින්, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය 15% ට වඩා අඩු මට්ටමක පවතින වානිජ බැංකු ලෙසින් සඳහන් කළ හැකියි.
(lknews.lk)