පරාටේ නීතිය නිසා බැංකු චකිතයට

March 12, 2024 - 6:10 PM
පරාටේ නීතිය හරහා ණය අය කරගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශ්වීය තීරණය බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැරහරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම් වලට ප්‍රතිචාරයක් මෙම තීරණය ගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ණය අය කරගැනීමේ නීති මැඬ පැවැත්වීම සඳහා රජයේ මැදිහත්වීම අනතුරු ඇඟවීමක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කාර්යාල ආදී සියලුම බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පැවසුවා.
(lknews.lk)