නව ආර්ථිකයට මූලික නීති කඩිනමින් පාර්ලිමේන්තුට

April 08, 2024 - 4:23 PM
තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
   
ඒ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමින්.

නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට අදාළ මූලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එතුමා සඳහන් කළා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යනවද සහ එය කඩා වැටීමට ඉඩ තබනවාද යන්න රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(lknews.lk)