මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය යළි වැසෙයි

January 02, 2024 - 3:09 PM
මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි අත්හිටුවා තිබෙනවා.

ඒ මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්. 
 
එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා. 
 
කෙසේවෙතත් අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙලෙස යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා. 
 
ඒ අනුව මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා ඇති බව සඳහන්.
(lknews.lk)