මඩකලපුව රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයක

March 29, 2024 - 12:09 PM
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අද (29) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම වර්ජනය ආරම්භ කළ බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.

විකිරණ අංශයේ නිලධාරීන්ට අමතර සේවා සඳහා ගෙවීමට පසුගිය මාස දෙකක කාලය තුළ අධ්‍යක්ෂවරයා අනුමැතිය ලබා දී නොමැති බව ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් එම වැඩවර්ජනය හෙට (30) දිනයේදීත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

(lknews.lk)