උණුසුම ගැන විමසිලිමත් වන්න

March 24, 2024 - 9:49 AM
අද දිනයේත් අධික උණුසුමක් පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු මැද පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට උණුසුම් සහිත කාලගුණ තත්වයක් පැවතිය හැකියි.

එසේම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)