සිඟමන් යදින දරුවන් ඉහළට

March 27, 2024 - 2:12 PM
දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් 30, 000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසුවේ.

එලෙස දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බව ද ඒ සම්බන්ධයෙන් පොලීසියට කටයුතු කිරීමේ හැකියාව පවතින බව ද ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර සඳහන් කර තිබෙනවා.
(lknews.lk)