නගරාශ්‍රිතව යාචකයන් ඉහළට

December 19, 2023 - 8:38 AM
සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට යාචකයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

නගර සභා සහ මහ නගර සභා 65ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර, ඒ අනුව වාර්තා වූ යාචකයින් සංඛ්‍යාව 3,700කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාතේ පමණක් යාචකයින් 1600ක් සිටින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

කොළඹ නගරයට පමණක් මෑතකදී යාචකයින් 1,000කට වැඩි පිරිසක් සංක්‍රමණය වී තිබෙනවා.

ආර්ථික අර්බුද සමඟ ඇතැම් ආයතන වැසී යාම හේතුවෙන් එහි සේවය කළ ඇතැම් පිරිස් යාචකයන් බවට පත්වී ඇති බවයි අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩ කඩ ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.
(lknews.lk)