බෙලිඅත්ත පිවිසුමේ වෙඩි තැබීමක්

January 22, 2024 - 11:40 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ජීප් රථයක ගමන් ගත් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එහිදී ජීප් රථයේ ගමන් ගත් ඥානසාර හිමියන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද මිය ගොස් ඇති බව සඳහන්.  

අද (22) උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
(lknews.lk)