හමාස් සංවිධානය මුළුමනින්ම තුරන් කිරීම ගැන බයිඩ්න් කියයි

October 16, 2023 - 10:01 AM
හමාස් සංවිධානය මුළුමනින්ම තුරන් කළ යුතු බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, හමාස් සංවිධානය තුරන් කළ යුතු වුවත්, පලස්තීනයට පැවැත්මක් තිබිය යුතු බවයි.

ගැටුම් හේතුවෙන් අමෙරිකානුවන් 30 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

අතුරුදන්ව ඇති පිරිස 13 ක් බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා පැවසූවේ, ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති , අමෙරිකානු ජාතිකයින් නිදහස් කරගැනීම සඳහා කළ හැකි සියලු දේ සිදුකරන බවයි.

මේ අතර ගැටුම් හේතුවෙන් දේපාර්ශවයේම මිය ගිය සංඛ්‍යාව 4,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 2,670ක්.

ඊශයාල වැසියන් 1,400 දෙනෙකු ද මියගිය පිරිසට ඇතුළත්.
(lknews.lk)