බයිඩ්න්ගේ සුනඛයා ආරක්ෂක නිලධාරියෙකු සපා කයි

September 28, 2023 - 11:57 AM
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයේදී තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ධවල මන්දිරයේදී සහ බයිඩ්න්ගේ නිවසේදී කමාන්ඩර් මෙලෙස ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාව ලෙස මෙය සඳහන් වනවා.

බයිඩ්න් පවුලේ ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයින් දෙදෙනා අතුරින් බාලයා වන කමාන්ඩර් ඩෙලවෙයාර් පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී ද ආරක්ෂකයින් සපා කා ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)