ලොකු ලූණු සහ කුකුල් මස් මිල ඉහළට

December 13, 2023 - 9:44 AM
වෙළඳපොළේ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී තිබෙනවා.

ඉන්දියාව ලොකු ලූණූ වෙනත් රටවලට ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ රුපියල් 190ත් 230ත් මිලකට පැවති ලොකු ලූණූ මිල එකවරම ඊයේ (12) වනවිට රුපියල් 450ත් 500ත් අතර මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව හා ව්‍යාපාරිකයන් අපහසුතා රැසක මුහුණ දී සිටිනවා.

මේ අතර බිත්තර මිල විශාල වශයෙන් ඉහළ දැමුවහොත් අඛණ්ඩව බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම උත්සව සමයත් සමඟ බිත්තර මිල ගණන් විශාල වශයෙන් වෙළදපොළේ ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා.

එමෙන්ම සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තොග වෙළෙඳුන් බිත්තර මිල ඉහළ දැමීම නිසා තමන්ට ද බිත්තර මිල වැඩි කිරීමට සිදුව ඇති බවයි.

එමෙන්ම කුකුළු මස් මිලද මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳුන් පවසනවා.

ඔවුන් කියා සිටියේ කුකුළු මස් කිලෝවක් මේ දිනවල අලෙවි වන්නේ රුපියල් 1,220ත් 1,230ත් අතර මිලකට බවයි.
(lknews.lk)