කැලිෆෝනියාවට හිම කුණාටු

March 02, 2024 - 12:53 PM
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත නිම කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඒ හේතුවෙන් එහි හිම ක්‍රීඩා මධ්‍යස්ථාන සහ අධිවේගී මාර්ගයක් ඇතුළු මාර්ග කිහිපයක් වසා දමා තිබෙනවා.

බලධාරීන් පවසන්නේ, නෙවාඩා කඳුකරයේ සුළං වේගය පැයට 225km දක්වා ඉහළ යා හැකි බවයි.
(lknews.lk)