සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගනී - 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

July 20, 2024 - 11:48 AM
උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදසේ වාර්තා කළේ දිවි ගලවා ගත් සංක්‍රමණිකයන් 41 දෙනෙක් හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගෙන ඇති බවයි.

එමෙන්ම සංක්‍රමණිකයන් 11 දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

(lknews)