ලංවිමේ බෝනස් ඈතට වෙයි

September 19, 2023 - 9:47 AM
එළැඹෙන 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා ලබාදෙන දීමනා ගෙවීම සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන්ට මේ බව දැනුම් දුන් බව සඳහන්.

ඒ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා (14) දිනයේදී හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ගැන ඇමැතිවරයා සහ වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වනවා.

වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡාව අසාර්ථක වූ බවයි.
(lknews.lk)