මැතිවරණ දෙකම එකවර බැහැ - සමන් රත්නායක කියයි

April 08, 2024 - 5:38 PM
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකවර පැවැත්වීමට නීතිමය පසුබිමක් රටේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

එමෙන්ම ඇතැම්විට එය වියදම වැඩිවීමට බලපාන කාරණයක්ද විය හැකි බව ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිශ්චිත කාලවලදී අදාල මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවයි.

(lknews.lk)