කොකේන් තොගයක් සමඟ බ්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට
April 20, 2025 - 11:26 AM
නීති විරෝධීව මෙරටට රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 855ක තොගයක් සමඟ බ්‍රසීල ජාතිකයෙක් අද (20) අලුයම කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක්.
රේගු නිලධාරීන් සඳහන් කලේ එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් 24,300,000ක් බවයි.
(lknews.lk)