LPL සම්බන්ධයෙන් නව නීති ගෙන එයි

June 11, 2024 - 6:19 PM
ඉදිරියේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදු කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ සඳහා වන අදාළ නීති ගෙන එන බව ඔහු කියා සිටියා.  

එමෙන්ම මෙම ක්‍රියාමාර්ගය මඟින් නුසුදුසු පාර්ශවයන් LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(lknews)