බ්‍රිතාන්‍යයේ කේට් කුමරියට පිළිකාවක්

March 23, 2024 - 10:08 AM
බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා.

ඒ  බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් නිකුත් කළ වීඩියෝවක් හරහායි.

ඇය මෙහිදී හෙළි කළේ ජනවාරි මාසයේ සිදු කළ උදරයේ ශල්‍යකර්මයෙන් පසු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තමන් මේ වනවිට 'කීමියෝ තෙරපි' ප්‍රතිකාරවලට යොමුව ඇති බවයි.

මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය තමන් පිළිකා රෝගියෙකු බව දැන ගැනීම තමන්ට විශාල කම්පනයක් වූ බව ඇය මෙහිදී ප්‍රකාශ කළා.
(lknews.lk)