බෞද්ධ දහම් පාසල් අවසන් පත්‍ර විභාගයට දින දැනුම් දෙයි

December 23, 2023 - 1:28 PM
බෞද්ධ දහම් පාසල් අවසන් පත්‍ර විභාගය මෙම දෙසැම්බර් මස 28 , 29 දින වල පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.

ඒ 2020, 2021 සහ  2022 වර්ෂය අදාළවයි.

මෙම විභාගය 2021, 2021 සඳහා පවත්වා නැහැ .

විභාග දෙපාර්තුමේන්තුව පවසන්නේ මෙමෙ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යවා ඇති බවයි.

මෙතෙක් එම ප්‍රවේශ පත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www. doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.
(lknews.lk)