අයවැයෙන් ධීවරයින්ට ලැබෙන සහන

November 14, 2023 - 8:48 AM

මෙරට සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 35ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන් බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මිරිදිය ධිවර කර්මාන්තය සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති බවයි.

ඒ අනුව මෙම වැඩසටහනේ තිරසාර බව ඉදිරියේදී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් චක්‍රීය අරමුදලක් පිහිටුවීම මඟින් ධිවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
(lknews.lk)