බස් රථයක් ප්‍රපාතයකට

October 19, 2023 - 2:35 PM
බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාලකරුවන් 7 දෙනෙකු කුරුණෑගල රෝහලටත් 11 දෙනෙකු නාරම්මල රෝහලටත් ඇතුළත් කර ඇති බව සඳහන්.
(lknews.lk)