බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි - 5ක් රෝහලට

August 02, 2024 - 10:28 AM

තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ අද (02) බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.  

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් බස් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව ඇති බවයි  වාර්තා වන්නේ.

පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළා. 

(lknews)