බස් ගාස්තුවත් වැඩි වෙයි

December 30, 2023 - 11:20 AM
VAT බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, VAT බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35ක් දක්වා ඉහළ යා යුතුව ඇති බවයි.
(lknews.lk)