බස් - ලොරි අනතුරකින් 6 දෙනෙකු රෝහලට

February 13, 2024 - 12:00 PM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුධ හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් කිලිනොච්චිය - කොකාවිල් ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරින් යුධ හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු සහ බස් රථයේ රියදුරු මෙන්ම එහි ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.  

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(LKNEWS)