බස් ගාස්තුව වෙනස් වීම සම්බන්ධයෙන් ගැමුණු කියයි

October 02, 2023 - 10:49 AM
ඊයේ (01) සිනොපෙක්, සිපෙට්කෝ සහ IOC තෙල්මිල ඉහළ දැමීම සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, තෙල් මිල වැඩිවුවද බස් ගාස්තු වල කිසිඳු වෙනසක් සිදු නොවන බවයි.


මේ අතර ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420ක් වන අතර එය රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇත්තේ එහි නව මිල රුපියල් 421ක් ලෙස සටහන් කරමින්.

එමෙන්ම සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

එම මිල ගණන් පහත පරිදි...
(lknews.lk)