කටුනායක ගුවන්තොටුපොළේ සිට මාකුඹුරට බස්රථ සේවාවක්
January 10, 2025 - 12:17 PM
කටුනායක ගුවන්තොටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර අද (10) සුඛෝපභෝගී බස්රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ ගුවන්තොටුපොළට එන මගීන්ගේ පහසුව සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ හරහා දිනකට ගමන් වාර 10ක් ධාවනයේ යෙදීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙම බස්රථ සේවාව විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය ඉදිරිපිට සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අය කරන ප්‍රවාහන ගාස්තුව රුපියල් 450ක් වන බවයි වාර්තා වන්නේ.

(lknews)