දක්ෂිණ අධිවේගයේ බස් රථ කාලසටහනකට අනුව ධාවනයට පියවර ගනී

March 11, 2024 - 10:41 AM
ගාල්ල - මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පුද්ගලික බස් රථ අද (11) සිට කාලසටහනට අනුව ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කාලසටහනට විරෝධය පළ කරමින්.

එම ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට යම් වේලාවක් බස් රථ නැවතුම්පලෙහි රැඳී සිටීමට සිදුවනු ඇති බව ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම කාලසටහන වෙනස් කිරීමට බලධාරීන්  පියවර නොගතහොත් ලබන 18 වනදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි.
(lknews.lk)