වී මිලදී ගැනීම අද සිට

March 15, 2024 - 11:40 AM
සෑම දිස්ත්‍රික්කයකම වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියා.

වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, සම්බා 1kg රුපියල් 120 කටත්, නාඩු වී 1kg 105 කටත්, කීරි සම්බා 1kg රුපියල් 130කටත් මිල දී ගන්නා බවයි.
(lknews.lk)