පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීති

January 10, 2024 - 6:18 PM
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 
 
මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේ, මුදල් අමාත්‍යාංශයේ පැවති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමින්.
(lknews.lk)