බන්ධනාගාර බස් රථවලට CCTV කැමරා

December 19, 2023 - 5:30 PM
බන්ධනාගාර බස් රථවලට CCTV කැමරා සවි කිරීම ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාර බස්රථවල ඒවා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ. 
 
වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය, කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර පටිගත වන සියලුම වීඩියෝ දිනය අවසානයේ පිටපතක් ගැනීමට නියමිතයි. 
 
කැමරා සවිකිරීම මඟින් බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් වීම සහ කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකියාව ද තිබීම ද විශේෂත්වයක්.
(lknews.lk)